'ආවා' සැකකරුවන්ගේ ඥාතීහු මානව හිමිකම් යති
පොලිස් ත්රස්ත මර්දන අංශය මගින් පසුගිය සතිය තුළ යාපනයේදී ආවා කල්ලියට සම්බන්ධ යැයි සැකකෙරෙන තරුණයන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන් ඇත්තේ නීතිවිරෝධී අන්දමට බව කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් යාපනයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
මේ පිළිබඳව විමසීමේදී ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්රික් විමර්ශන නිලධාරී තංගවේල් කනකරාජ් කියා සිටියේ ''ආවා ගෲප් ''කල්ලිය යනු මංකොල්ල කල්ලියක් ලෙසට ආරක්ෂක ප්රධානීන් හඳුන්වා දී තිබියදී තම ඥාතීන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ පිහිටි එම මූලස්ථානය වෙත රැගෙන ගොස් රඳවාගෙන ප්රශ්න කිරීම නීති විරෝධී බවට අදාළ පැමිණිලිවල සඳහන්ව ඇති බවයි.
එමෙන්ම අදාළ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි එකොළහක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කොට ඇති බවත් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී හා රඳවාගැනීමේදී මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කොට ඇති නිර්නායකයන්ට අනුව එම නිලධාරීන් ක්රියා කොට ඇත්දැයි යන්න සොයා බලන බවද එම නිලධාරියා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

