ෙහිඟුරක්ගොඩ නගරයේ වෙළෙඳසැලකින් ලබාගත් ශරීර ආලේපන වර්ගයක් ගැල්වීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් බටුකොටුව ප්‍ර‘දේශයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකු ඊයේ (30දා) හිඟුරක්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිදුවීමට මුහුණ දුන් හිඟුරක්ගොඩ, බටුකොටුව ප්‍රදේශයේ පදිංචි එම්.පී. මිලාන් නමැති අය මෙලෙස පවසා සිටියේය.
"මම හිඟුරක්ගොඩ නගරයේ තියෙන සුපර් මාකට් එකකින් ආලේපනයක් එකක් ගත්තා මුහුණෙ ගාන්න. මම නාලා මුහුණේ ගෑවා. එකපාරටම මුහුණ දැවිල්ල ගහන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඒක එතනම දාලා මම දිව්වා මුහුණ හෝදගන්න. ඒක බබා දැකලා බබා ගාගන, බබාගේ ඇඟ හැමතැනම රතුපාට බිබිළි ආවා. ඒක පිසදාපු නෝනාගෙත් බිබිළි ආවා. පුතයි, නෝනයි, හිඟුරක්ගොඩ රොහලේ නතර කළා.
පස්සෙ මම ගාපු ක්‍රීම් එකත් අරගෙන පැමිණිලි කළා. ඒ එක්කම පාරිභෝගික අධිකාරියට කතා කරලා, ඒ අය ඇවිත් ඒ සුපර් මාකට් එකේ තිබුණු ආලේපන වර්ගය අත්අඩංගුවට ගත්තා. මේක මිනිස්සු අමාරුවේ දාන අලේපනයක් තමයි. ඒ පෙටිටියේ ගහලා තියෙනවා සමේ ආසාත්මිකතාවක් ඇති වුවොත් වෛද්‍ය ප්‍රතිකාර ගන්නා ලෙස. ඉතින් එහෙම ඒවා මොකටද විකුණන්නෙ. අර කාමිනාශක, වල්නාශකවලත් ඔහොම තමයි පෙටිටියේ ගහලා තියෙන්නෙ" යැයි පැවසීය.
අප මේ පිළිබඳ පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී එම්.ජී. රේණුක කුමාර මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, "අපට දුරකථන පණිවිඩයක් ලැබුණා හිඟුරක්ගොඩ නගරයේ පිහිටි සුපර් මාර්කට් එකකින් මිලදී ගත් ආලේපන වර්ගයක් ගෑමෙන් පසු එය විස වී දරුවා සහ බිරිඳ රෝහල්ගත කරලා තියෙනවා කියලා. වෙනත් අයටත් එය සිදුවීමට පෙර සොයාබලන ලෙස. ඒ අනුව වහාම අප කාණ්ඩායමක් හිඟුරක්ගොඩ පිහිටි එම සුපර් මාර්කට් එකට ගොස් එහි තිබූ විස වූ ආලේපන වර්ගය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සඳහා යොමුකළා. එහි ප්‍රතිඵල අනුව නීතිමය කටයුතු කරනවා" යනුවෙනි.