නව දුම්රිය සාමාන්‍යාධිකාරී වශයෙන් බී.ඒ.පී.ආරියරත්න මහතා පත්කර ඇතිඅතර ඔහු අද (4) සිය ධූරයේ වැඩ බාරගත්තේය. දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයකු පත්කර ගැනීමට පැවැති සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබා ආරියරත්න මහතා තේරී පත්ව ඇති අතර හෙතෙම හිටපු සාමාන්යාධිකාරීවරයාය.
දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් විජය අමරතුංග මහතා මීට පෙර පත්කර තිබුණි.