ආර්ථික සංවර්ධන නිලධාරීන් නිවාස සහ සමෘද්ධි අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට ඇමැති මණ්ඩලය ගෙන ඇති තීරණය වහාම අහෝසි කර එම නිලධාරීන් 15000දෙනා ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය රජයෙන්ඉල්ලා සිටියි.
සෙසු උපාධිධාරීන් පළාත් හා රේඛීය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සතු පුරප්පාඩු සඳහා ද කඩිනමින් අන්තර්ග්‍රහණය කිරීමටත් නව සේවා ස්ථාන ලබා දීමේදී උපරිම දිස්ත්‍රික් හා පළාත් සීමාවන්ට යටත්ව අන්තර්ග්‍රහණය කිරිමටද කටයුතු කරන ලෙසද ඉල්ලයි.
එසේ නොකළ හොත් සතියක් තුළ 16000 ක් වන උපාධිධාරීන් කොළඹට ගෙන්වා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ද එම සංගමය අවධාරණය කර යි.