ආර්ථිකය වැටුණු විට බලය දාලා පළා ගියා
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණයට ඉදිරිපත් වූයේ ආර්ථිකය බිඳ වැටුණු බව දැනගත් නිසා වුවත් වත්මන් ආණ්ඩුව නැවතත් ආර්ථිකය සකස් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය
අරලියගහ මන්දිරයේදී අද (17දා) පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.
“අපි බලය ලබා ගන්නා විට අපට ලැබුණේ විශාල ණය බරක් පමණයි. අධ්‍යාපනය, සෞඛ්‍යයට මුදල් වෙන්කිරීම නොව ණය ගෙවීමටවත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබුණා. ඊට පෙර පැවති රජයට මේ ණය ගෙවීමට නොහැකි වුණා. 2013 – 2014 කාලවල ණය පොලිය ගෙවීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. ණය අර්බුර්දය විසඳීමට නොහැකි නිසා ඔවුන් ජනාධිපතිවරණයක් පැවැත්වූවා.
අප ආණ්ඩු බලය ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආර්ථිකය ස්ථාවර කරමින් ණය ගෙවීම ආරම්භ කළා. මේ වන විට අප ඩොලර් මිලියන 2500ක මුදලක් ණය ලෙස ගෙවා අවසන් කර තිබෙනවා. මෙම විශාල ණය මුදල ගෙවීමට නොහැකිව ආණ්ඩුව බිඳවැටේවි යැයි බොහෝ දෙනා කල්පනා කළා.
එදා බංකොළොත් රටක්ව පැවති අපේ රටේ අද විදේශ විනිමය සංචිතයේ ඩොලර් මිලියන නව දහසක් පමණ තිබෙන බව පැවසිය යුතුයි. මේ වසර අවසන් වන විට එය ඩොලර් මිලියන එකොළොස්දහසක් දක්වා වර්ධනය වෙනවා.
එදා ආර්ථිකය බිඳ වැටුණු විට ආණ්ඩු බලය අත්හැර පලාගිය අය අද ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි අපෙන් විමසීම පුදුමයක්. ඔවුන් 2015 මැතිවරණයකට ඉදිරිපත් වුණේ ආර්ථිකය බිඳ වැටුණු බව දැනගත් නිසයි. අපේ රටේ ආර්ථිකය ඔවුන් යටතේ කාලයක් පාලනය වුණා. නමුත් ඔවුන් එය බිඳ වැට්ටුවා. රටේ ණය බර දෙගුණයක් බවට පත් කළා.
අවසානයේ රටත්, ආර්ථිකයත් පාලනය කිරීමට නොහැකිව ආණ්ඩු බලය අත්හැර ඔවුන් පලා ගියා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අපි නැවතත් රටේ ආර්ථිකය ගොඩනැගුවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


