ආරක්ෂක මාණ්ඩලික ප්රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ අධීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරය තුලදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නන්දන උඩවත්ත මහතා විසින් ප්රදේශයේ වත්මන් ආරක්ෂක තත්වය සම්බන්ධව ආරක්ෂක මාණ්ඩලික ප්රධානී දැනුවත් කල අතර මෙම අවස්ථාව සඳහා උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් කේකේවීපිඑච්ඩී සිල්වා සහ පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් එච්එම්සී හේරත් ඇතුළු ආරක්ෂක ප්රධානීන් පිරිසක් සහභාග විය.