තමාගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පරිදි ආරක්ෂක නිලධාරීන් ලබා දී තිබුණද ඔවුන්ට ගමන් කිරීමට ප්‍රමාණවත් වාහන ලබා දී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(25දා) ප්‍රකාශ කළේය.
තමා වාහන 22 ක් බලෙන් තබාගෙන සිටින බවට රාජිත සේනාරත්න ඇමතිවරයා කර තිබුණේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවත්, තමාට ලබා දී ඇත්තේ වාහන 06 ක් පමණක් බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති සාකච්ඡාවකට පැමිණි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය‘වේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළේය. මීට සති දෙකකට පෙර අවශ්‍ය ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුණු බවද ඒ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මීට පෙර තමාට ලබා දී තිබුණු වාහන සහ ඉන්ධන ආදිය ලබාගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.