ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයෙන් නික්ම යයි
පසුගිය ජුනි මස 29 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස සිය ධුරයේ රාජකාරී භාරගත් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (21දා) සිය ධුරයෙන් නික්ම ගියේය.
වසර 37කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවයකට උරුමකම් කියන ජෙනරාල් ද සිල්වා මහතා දෙවන ලුතිතන්වරයෙකු ලෙස 1981 ජූලි මස 18 වැනිදා 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායට අනුයුක්තව සිය රාජකාරී ඇරඹීය. 2015 වර්ෂයේ පෙබරවාරි මස ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාධිපතිවරයා ලෙස ඒ මහතා පත්විය.
ඒ අනුව අද සිය ධුරයෙන් නික්ම යන ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පිරිනමන ලදී. එම සම්මාන මුරය පිළිගැනීමෙන් පසු නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත ගොස් ක්‍රියාන්විත රාජකාරීවලදී රටදැය සමය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වමින් වසර 37කට අධික කීර්තිමත් හමුදා සේවයෙන් අද දින සිට විශ්‍රාම ගන්නා ලදී.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සෙසු නිලයන්හි පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

