ලොව තෙවැනි විශාලතම අවි ආයුධ වෙළෙන්ඳා බවට චීනය පත්ව ඇති බව නවතම වාර්තාවකින් හෙළි වන්නේ යැයි බී.බී.සී.ය කියයි.
ඒ අනුව, ඇමෙරිකාවට හා රුසියාවට පසුව ලෝකයේ අවි ආයුධ අපනයනය කරන තෙවැනි රාජ්‍ය බවට චීනය පත්ව ඇත්තේ 2010 සිට 2014 දක්වා කාලය තුළ ජර්මනිය. ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අභිභවමින් ඉහළ වෙළෙඳාමක් වාර්තා කරමිනි.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව, ලෝකයේ අවි ආයුධ අපනයනයෙන් 5% ක කොටසක් මෙම කාල පරිච්ඡේදය තුළ චීනය විසින් උසුලන ලදී.
මෙම අවි ආයුධ අපනයනයෙන් තුනෙන් දෙකක් ආසියානු රටවල් තුනක් වන පාකිස්තානය, බංග්ලාදේශය හා මියන්මාරය වෙත චීනය විසින් අපනයනය කර ඇති අතර, තවත් අප්‍රිකානු රටවල් 18ක් වෙතද පසුගිය වසර පහක කාලයේදී ඔවුන්ගේ අපනයනයන් විහිදුවා ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
එම වාර්තාවට අනුව ලෝකයේ අවි ආයුධ අපනයනයෙන් ඉදිරියෙන්ම සිටින ඇමෙරිකාව 2010 සිට 2014 දක්වා ඉන් 31%ක කොටසකට හිමිකම් කියා ඇති අතර, රුසියාව 27% කට හිමිකම් කියයි. එහිදී, තෙවැනි තැනට පත්ව ඇති චීනය 5%, ජර්මනිය 5%, ප්‍රංශය 5% සහ බ්‍රිතාන්‍ය 4% ක් ලෙස පිළිවෙළින් පසුවෙයි.