ආබාධිත රණවිරුවන්ට හා රණවිරු බිරින්දෑවරුන්ට සලකන්නෙ නැතිලු
වර්තමාන ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ට හා දිවිපිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය සඳහන් කරයි.
ගැටලු රාශියකට මුහුණ දී සිටින මෙම පිරිසගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විනාඩි 10ක්වත් වෙන් නොකරන බවද එම සංවිධානයේ කැඳවුම්කරු විශ්රාමික මේජර් අජිත් ප්රසන්න මහතා සඳහන් කළේය.
ආබාධිත රණවිරුවන්ට හා දිවිපිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට ඇතිවී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය හා දිවිපිදූ රණවිරුවන්ගේ බිරිඳෑවරුන්ගේ සංගමය එක්ව අද (15දා) සිදුකළ පාගමනේදී කැඳවුම්කරු මේ බව සඳහන් කළේය.
එහෙත් මෙම පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලය අසලටවත් යෑමට පොලීසිය ඉඩ ලබා නොදුන්නේය.
කොළඹ ලොටස් මාර්ගය වසා දමමින් මෙම පිරිස ජනාධිපති කාර්යාලයට යෑම වැළැක්වීමට පොලීසිය කටයුතු කළේය.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




