අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්ව ඇති ජනතාවට සහල සැපයීම සඳහා එහි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරී ස්ථාන සඳහා වහාම වාර්තා කළ යුතු බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිලධාරීන්ගේ හිඟයක් ඇත්නම් විශ්‍රාමි රජයේ ඕනෑම නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරී ඉටු කිරීමටද දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබේ.