නිරිදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග ඇදහැළුණු වර්ෂාවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක ආපදා තත්ත්වයක් ඇති වූ අතර ඒ හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 127,913ක් පමණ පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම අද දිනයේදීද දිවයිනේ නිරතදිග කොටසේ, එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.