ආපදා තත්ත්වයන් නැරඹීමට පැමිණීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (29දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රියන්ත ජයකොඩිමහතා මේබව පවසා සිටියේය.
දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය සහ නායයෑම් ඇතිවූස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙස පොලීසිය විසින් ජනතාව දැනුවත් කර තිබුණද, එම නිවේදන නොතකා ජනතාව මෙලෙස පැමිණ අනතුරට ලක්ව ඇතිබවද හෙතෙම ප්‍රකාශ කළේය.
මින් ඉදිරියට හෝ ආපදා තත්ත්වයන් නැරඹීමට නොපැමිණෙන ලෙසද ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.