ආපදාවෙන් හානිවූවන්ට තට්ටු නිවාස
ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ සහ අවදානම් කලාපයේ සිටින ජනතාවගේ කැමැත්ත පරිදි ඔවුන්ට නිවාස ලබාදීම සඳහා උසෙන් අඩු තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් අත්හදා බැලීමක් ලෙස ඉදිකරීමට අවධානය යොමු කරන මෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැන්වීය.
නෙලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වුණු වර්ෂාපතන සහ ගංවතුර නිසා සිදු වූ ආපදාව යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා ඊයේ (14දා) මේ බව පැවැසීය.
එසේම ගංවතුර හේතුවෙන් පූර්ණ වශයෙන් හානියට පත්වූ පාසල් හා අත්‍යවශ්‍ය මහා මාර්ග යළි ඉදිකිරීමට ටෙන්ඩර් පටිපාටිවලන් තොරව භාණ්ඩාගාරය සමග සාකච්ඡා කොට වහාම අවශ්‍ය මුදල් වෙන් කරවා ගන්නා ලෙසයි.
විනාශ වූ පොලිස් ස්ථාන නැවත ඉදිකරන විට අවශ්‍ය සේවා පහසුකම් සහිතව දෙමහල් ගොඩනැගිලි ඉදිකරන ලෙස ද අගමැතිවරයා උපදෙස් දී ඇත.
හානියට පත්වූ ව්‍යාපාරික ස්ථානවල තක්සේරු වාර්තා හැකිතාක් ඉක්මනින් ලබාගෙන දැනට ලබාදෙන සහන වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරියට ගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීමට හා ඔවුන්ගේ අතට මුදල් ලබාදී ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙස ඔහු නිලධාරීන් පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

