සබරගමු පළාතේ නායයෑම් නිසා මේ වනවිට පාසල් දරුවන් දාසය දෙනෙකුගේ ජීවිත අහිමිව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
ඉන් දාහතර දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර දෙදෙනෙකු කෑගල්ල දිස්ත්රික්කයේය. පාසල් 48කට ගංවතුරින් හානි සිදුව ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ 40ක් සහ කෑගල්ලේ 8ක් ලෙස බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අවතැන් වූවන් රඳවා සිටින සහ සහන සේවා කටයුතුවලට පාසල් 21ක් ලබාදී තිබේ. සබරගමු පළාතේ මුලූ පාසල් සංඛ්‍යාව 1134කි. ශිෂ්‍ය සංඛ්‍යාව 350,000කි. ගුරු සංඛ්‍යාව 21000කි. කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් ලබන 02 දා තෙක් වසා දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
අජිත්ලාල් ශාන්තඋදය