පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදලක් රජය පිරිනමන බවත් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය බැගින් දැනටමත් ලබාදී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ මියගිය ධීවරයන් අටදෙනාගේ නිවෙස්වලට ගොස් රුපියල් ලක්ෂය බැගින් ඔවුන්ගේ ඥාතීන් වෙත ප්රදානය කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මේ අතර ගාල්ල ඇතුළු ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කයන්හි පීඩාවට පත් ජනතාවගේ නිවාස ඇතුළු දේපොළ සඳහා වන්දි ප්රදානය දැනටමත් ආරම්භ කර ඇති අතර හානිය තක්සේරුකර නිශ්චිත වන්දි මුදල් ලබාදෙන තුරු හදිසි අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 10,000 ක් දක්වා අත්තිකාරම් මුදලක් මේ අනුව ලබා ගැනීමේ අවස්ථාව පීඩාවට පත් ජනතාවට හිමිකර දී ඇත.