ශ්‍රී ලංකාවට බලපා ඇති ආපදා තත්ත්වයෙන් මිදීම සඳහා රජය ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා තිබේ. ඒ අනුව එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් මෙන්ම අසල්වාසී රටවලින් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා හා ජනතාවට අවශ්‍ය සහන රජය ඉල්ලා තිබේ.
මේ සඳහා පැය 24ම ක්‍රියාත්මක හිදසි ඒකකයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටුවා ඇති අතර එය නිරන්තරයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා සම්බන්ධ වෙමින් සිටියි.