සිදුවිය හැකි ආපදාවන් පිළිබඳ තොරතුරු හැකි ඉක්මනින් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත දැනුම් දිය හැකි බව නායයෑමේ සේවා අධ්‍යයන අංශයේ අධ්යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ අනුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලවලට, කොළඹ කාර්යාලයේ ෆැක්ස් අංක 0112 502 611, 0112 589 943 ට හෝ දුරකතන අංක 0112 588 496 වෙත අදාළ තොරතුරු ලබාගත හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊයේ (01) දිස්ත්‍රික්ක 07ක් වෙනුවෙන් ආපදා තත්ත්වයන් හා නාය යාමේ අනතුරු ඇඟවීම් සිදු කළ අතර එය ඉදිරි පැය 24ක කාලයක් දක්වා දීර්ඝ කොට ඇත. නුවරඑළිය, කළුතර, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මාතලේ සහ මහනුවර එම දිස්ත්‍රික්ක වේ.