දින කිහිපයක සිට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් රට තුළ ආපදා තත්ත්වයක් හටගත් අතර විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 27ක් වෙන්කොට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමල්නාදන් මහතා පවසයි.
එමෙන්ම වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06යෙහි ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සමාජිකයන් 5000ක් පමණ යොදවා ඇති අතර පුද්ගලයන් 6000ක් පමණ ආරක්ෂික ස්ථාන 80ක රඳවා ඇතැයිද හෙතෙම පැවසීය.
ආපදා තත්ත්වයන් පිළිබඳ ගැටලු වෙතොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකථන අංක 117 හෝ හදිසි මෙහෙයුම් මැදිරියට 0112 136 136, 0779 117 117, 0702 117 117 යන දුරකථන මාර්ගයන් වෙත ඉදිරිපත් කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.