තවදුරටත් වර්ෂාව පවතින බැවින් යම් ආපදාවක් සිදුවුව හොත් ජනජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 5908 දෙනෙකු සූදානම් කර ස්ථානගත කර තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව දැනට ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා නාවික හමුදා සාමාජිකයන් 546 දෙනෙකු යොදවා සිටින බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ඊයේ (22දා) දිනයේදී 1,890ක් සූදානම් කර සිටියද, තවදුරටත් වැසි ඇතිවීම සැලකිල්ලට ගෙන ත්‍රිවිධ හමුදා ප්‍රමාණය ඉහළ දමා තිබේ.