ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 375 දෙනෙකු යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතර ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 1890ක් සූදානමින් තබා සිටින බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
මෙම පිරිසෙන් දහසක් යුද හමුදා සාමාජිකයන් බවත්, 650ක් නාවික හමුදා සාමාජිකයන් හා 279ක් ගුවන් හමුදා සාමාජිකයන් බවද හෙතෙම පවසා සිටියේය.