අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (26දා) පස්වරුවේ හලාවත ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
අවතැන්වූවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ද ති‍්‍රවිධ හමුදාවේ සහය ඇතිව විධිමත්ව කි‍්‍රයාවට නැංවීමට උපදෙස් දී තිබේ.
අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන අතර ආපදා අවස්ථාවේදී ලබාදිය යුතු සහන පිළිබඳව මෙන්ම ආපදා අවස්ථාව පහව යාමෙන් අනතුරව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව ද රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම ආපදාවට ලක්වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සහ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවකයින් වෙනුවෙන් විශේෂ සහනදායි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් දී ඇති ජනාපතිවරයා සියලු සහන කටයුතු කි‍්‍රයාවට නැංවීමේදී කිසිවිටෙකත් චක්‍රලේඛ බාධාවක් කර නොගන්නා ලෙසත්, ජනතා අවශ්‍යතා අනුව එම තීන්දු තීරණ අවශ්‍ය පරිදි කි‍්‍රයාත්මක කරන ලෙසත් නිලධාරින්ට දැනුම් දී ඇත.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම ජීවනෝපාය මාර්ගවලට සිදුවූ හානි පිළිබඳව ද මෙහිදී ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර තම ජීවනෝපාය මාර්ග නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙලක් යටතේ ණය මුදලක් ලබා ගැනීමට සහය වෙන ලෙස ඔවුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.