ලබන වසරේ ආණ්ඩුව පෙරළන බවට පවසන කිසිවෙකුගේ බලාපොරොත්තු සාර්ථක නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
“දෙසැම්බරයේ හීතලටල 2017 දී ආණ්ඩුව පෙරලන බවට හීන දකිනවා. තවත් සමහරු අනාවැකි කියනවා මේ ආණ්ඩුව ලබන වසරේ පෙරලන්න හීන දිකන අයටත්, අනාවැකි කියන අයටත් අපි කියන්නේ ඒ හීන කවදාවත් ඉටු වෙන්නේ නෑ.
මේ ආණ්ඩුව 2020 වන තෙක් කිසිවෙකුටවත් පෙරළන්න බැහැ. මොකද මේ ආණ්ඩුව වෙනස් කරනවා නම් ඒ සඳහා බල තල තියෙන්නේ ජනාධිපතිතුමාට. නමුත් එතුමාටත් මේ ආණ්ඩුව තව අවුරුදු හතරාමරක් වන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බලයක් ලැබෙන්නේ නෑ.
පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් අත ඔසවලා අනුමත කරපු සංශෝධනය අනුවල මේ ආණ්ඩුව 2020 වන තෙක් ගමන් කරනවා. ඒ හින්දා ඔය හීන දකින අයට මේ ආණ්ඩුව පෙරළිම හීනයක් විතරයි”