ජාතිවාදී සිද්ධි අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවට බුද්ධි අංශවලට චෝදනා කරමින් වර්තමාන ආණ්ඩුව බුද්ධි අංශ හා රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද (15දා) පැවසීය.
ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රණවිරුවන් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මැදිහත්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.