ලංකාවේ ජාතිවාදීන් හා ආණ්ඩුවේ දේශපාලඥයන් තවමත් ගල් යුගයේ අදහස් දරන බවත් මේ හේතුවෙන් නව දේශපාලන මාවතක් අවශ්‍ය වී තිබෙන බවත්, එය වාමාංශික මාවතක් බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (14දා) පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයගොඩ මහතා,
“දැන් මේ පාරවල් දෙකටම ඇඩ්රස් නැතිවෙලා තියෙන්නේ. ඒ පාරවල් දෙකේම තියෙන්නේ යල් පැනපු ගල් යුගයේ දේවල් පමණයි. සියලුම ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මුස්ලිම් මිනිහා නිසා කඩවල් පල්ලි, ගිනි තියන්න කියලා ජාතිවාදි පාරේ අය කියනවා. ඒවා 1930දීත් කිව්වා. ඒ අයට කියන්න කිසිම අලුත් කතාවක් නැහැ.
අනිත් අය ෆේස්බුක් , වට්ස්ඇප් තහනම් කරන්න ඕන, තාක්ෂණය නිසා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ කියනවා. ආයේ ගල් යුගයේ කතා කියනවා. ජාතීවාදීන්ට කියන්න අලුත් කතාවකුත් නැහැ, ජාතිවාදීන්ට විරුද්ධව එන මේ ආණ්ඩුවේ දේශපාලඥයන්ටයි ලිබරල් කේවට්ටයන්ටයි වෙන කියන්න දෙයකුත් නැහැ.මේ දෙකම යල් පැනලා තියෙන නිසා අලුත් පාරක් ඕන. ඒක වාමාංශික දේශපාලන මාවතක් කියලා අපි විශ්වාස කරනවා. මේ ප්‍රශ්න පිළිබඳව සංවේදීව සිතන සියලුම ජනකොටස්වලින් අපි ඉල්ලනවා මේ පාරවල් දෙකම පරාජය කිරීමට එකතු වෙන්න කියලා.ʼʼයනුවෙන් පවසා සිටියේය.