ආණ්ඩුව ඩෙංගු මර්දනය කිරීමට මාධ්‍ය සන්දර්ශන පවත්වන විට කාන්තාවන්, දරුවන්, වැඩිහිටියන් ඇතුළු පාර්ශ්වයන් ඩෙංගු මාරයා විසින් බිලිගනිමින් සිටින බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සඳහන් කරයි.
අද (17දා) වනවිට වසරේ ගෙවුණු කාලය තුළදී ඩෙංගු රෝගීන් 46,150ක් වාර්තා වී තිබෙන බවත්, පෞද්ගලයන් 115 දෙනෙකු මරණයට පත්වී තිබෙන බවද එම සංගමයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය සඳහන් කළාය.
මෙම සංඛ්‍යාව රජයේ රෝහල්වලට වාර්තා වෙන ප්‍රමණය පමණක් බවත්, පෞද්ගලික අංශයෙන් මේ හා සමාන ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගන්නා බවට අනුමාන කළ හැකි බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සඳහන් කළාය.
මේ හේතුවෙන් ඩෙංගු මර්දනය කිරීමට කැළි කසළ ඉවත් කිරීමට සේම ඩෙංගු වෛරසය විනාශ කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍ය බවද සමන්මලී ගුණසිංහ මහත්මිය පවසා සිටියේය.