ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුව තුළ සිටිනවාද, නැද්ද යන්න තීරණය කිරීමේ සාකච්ඡා මැතිවරණයෙන් පසු සිදුකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා එක්සත් ජාතික පෙරමුණ අතර සම්මුතිවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට අත්සන් කළ ගිවිසුම මේ මස 31 වැනිදායින් පසු අවලංගු වීමට නියමිතය.
මේනිසා ඉදිරි කාලයේදීත් සම්මුතිවාදී ආණ්ඩුවේ සිටිනවාද, නැද්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යමකාරක සභාවක් හා සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් මේ සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබිණි.
එහෙත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන නිසා ආණ්ඩුවේ සිටිනවාද, නැද්ද යන්න තීරණය කිරීම මැතිවරණය අවසන් වීමෙන් පසු සිදුකිරීමට තීරණය කර තිබෙන බවද වාර්තා වේ.
මේ නිසා එළඹෙන 31 වැනිදා සම්මුතිවාදී ආණ්ඩුවේ වසර දෙකේ ගිවිසුම අවසන් වුවද, එම ගිවිසුම සැලකිල්ලට ගෙන ඉදිරියටත් ආණ්ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.