නව ආණ්ඩුවේ ඇමතිකම් කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් බාරගත්තේ දින සියයේ වැඩපිළිවෙළ සහ ව්‍යවස්ථා සංශෝධනයේ නව මැතිවරණ ක්‍රමය නියමිත කාලවකවානු තුළ ක්‍රියාත්මක කරගැනීමට බවත්, එසේ නොමැතිව එක්සත් ජාතික පක්ෂයේ තුරුලට යාමට නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
ඊයේ (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ දින සියයේ වැඩපිළිවෙළ අවසන් කර ව්‍යවස්ථා සංශෝධනය සහ නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කරගැනීමට හැකි වූ මොහොතේම ආණ්ඩුව විසුරුවාහැර පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවයි.
මීට අමතරව පසුගිය කාලයේ සේම විපක්ෂයේ කාර්යභාරය සිදුකරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ඇමතිකම් ලබාගෙන තිබුණද ඔවුන් ඇතුළු ආණ්ඩුවේ පිරිස් නිවැරදි මාර්ගයේ නොයනවා නම් ඒ වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතදීත් ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.