ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ළඟදීම ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික නව නිලධාරී මණ්ඩලය පත්කිරිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුහු මේ බව පැවැසූහ.
හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර
“අනාගතයේදි සිද්ධ වෙයි. අතිගරු ජනාධිපතිතුමා අදත් ඒ පිළිබඳව යම් සඳහන් කිරීමක් කළා. අපි රණ්ඩුවක් කර ගන්න අවශ්‍ය නෑ. අපි ඒකට තමයි ඉදිරියේදි ක්‍රියාත්මක වෙන්න යන්නේ.”
හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි
“අපි විශ්වාස කරනවා මේ රජයෙන් ඉවත්වීමේ තිරණයත් අලුත් ලේකම්තුමාගේ එකමුතුවෙන් ළඟදීම සිදුවෙයි කියලා. ඒ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වීම වළක්වන්න කිසිකෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නෑ.”