ආණ්ඩුවට සහාය දෙන්න කිසිදු තීරණයක් අරන් නෑ
බොදුබල සේනා සංවිධානය ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට සහාය ලබාදීමට තීරණය කර ඇතැයි පැවසෙන කතාව සම්පූර්ණ අසත්‍යයක් බවත්, තම සංවිධානය කිසිම අවස්ථාවකදී එවැනි තීරණයක් ගෙන නොමැති බවත් එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (01දා) පැවසූහ.
ඥානසාර හිමියන් මේ අදහස් ප්‍රකාශ කළේ, ඊයේ (01දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඥානසාර හිමියන්ට හා තවත් පිරිසකට එරෙහිව පැවති නඩු කටයුතු අවසන් වී මාධ්‍යය වෙත සිය අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ,
&ආණ්ඩුවට සහාය දෙනවා කියලා අපි කියලා නෑ. අපි කියන්නේ රටට එරෙහිව කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ කුමන්ත්‍රණය පරාජය කිරීමට අපි රටට පළමු තැන තියලා වැඩ කරනවා.
රටේ ජනතාව තීරණ කරයි කවුරුන්ද තෝරාපත් කර ගත යුත්තේ කියලා. ඒකට බලපෑම් කරන්න අපිට බෑ*
අපි රටට තියෙන අනතුර පැහැදිලි කරනවා. එම පැහැදිලි කිරීමේදී ජනතාව තීන්දු කළ යුතුයි කුමන අපේක්ෂකයා තෝරාගත යුතු දැයි කියලා. ඒ අයිතිය ජනතාවට භාරයි.* යැයි පවසා සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

