ආණ්ඩුවට විරෝධය පා ෆේස්බුක් ගිණුමක් අරඹනවා - ආචාර්ය මහානාමහේවා
තමා මේ දක්වා මුහුණු පොතේ(ෆේස්බුක්) ගිණුමක් ආරම්භ කර නැති බවත්, ආණ්ඩුවට විරෝධය පළකරමින් ෆේස්බුක් ගිණුමක් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අද (13දා) පැවසීය.
ආණ්ඩුවට මුහුණුපොත (ෆේස්බුක්) පරිහරණය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යනම් ලක්ෂ 80ක පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත්, ෆේස්බුක් තහනම් කිරීම හේතුවෙන් මේ වන විට ව්‍යාපාරිකයන් ලක්ෂ 30ක් අසරණ වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කළ ශිෂ්‍යයා ජනාධිපති මන්දිරයට ගෙන්වා ත්‍යාග පරිත්‍යාග කළ අවස්ථාවේදී බලා සිටි පුද්ගලයන් මහනුවර සිද්ධිය පදනම් කරගෙන පාසල් ශිෂ්‍යයන් 4 දෙනෙකු චරිත සෝදනාගාරයට දමා තිබෙන බවත්,එම අවස්ථාවේදී දැඩි තීරණ ගත්තේ නම් මෙවර ෆේස්බුක් තහනම් කිරීමට සිදුනොවන බවත් හිටපු කොමසාරිස්වරයා පැවසූයේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙම අදහස් පළ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
