ආණ්ඩුවට විරුද්ධ සියලුදෙනාගේම සහාය ආණ්ඩුව පෙරළීමට ගත යුතු බවත්, එසේ නොමැතිවුවහොත් ශ්රීලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද පදනම ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
යතුරුපැදිය සලකුණින් මහරගම නගර සභාවට පත්වූ මන්ත්රීවරුන් 06 දෙනෙකු සිය ධුරවලින් ඉවත්ව ඒ වෙනුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ 06 දෙනෙකුට මන්ත්රීධුර ලබාගැනීමට අවස්ථාව දී ඔවුන් දිවුරුම් දීමෙන් පසු පැවැති අදහස් දැක්වීමේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එසේම මේ වනවිට තමන්ට හොරා යැයි කියූ පාර්ශ්ව එකිනෙකාට හොරා යැයි පවසා ගනිමින් සිටින බවද ඔහු අද (07දා) පැවසීය.
“ජනාධිපති අගමැතිට හොරා කියනවා, අගමැති ජනාධිපතිට හොරා කියනවා.ඊටපස්සේ මන්ත්රීවරු 118කට හොරා කියනවා. මෙතෙක් කල් මට හෙරා කියපුවා දැන් ඔක්කොම අමතක වෙලා දැන් ඒ කට්ටිය හොරා හොරා කිය කිය යනවා.
ඉතින් ඒකෙන් කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම කියලා. අපිත් එක්ක එන අය ප්රතික්ෂේප කරන්න මම සූදානම් නෑ. ප්රාදේශීය දේශපාලනයයි, ජාතික දේශපාලනයයි අතර වෙනස හඳුනාගන්න ඕන. එතකොට ගැටලු ඇති වෙන්නේ නෑ.
මේ ආණ්ඩුව පෙරළන්න මේ ආණ්ඩුවට විරුද්ධ වෙන්න පුළුවන් හැම අවස්ථාවකම අපි විරුද්ධ වෙන්න ඕන. ඒ සඳහා හැමෝගෙම සහයෝගය ගන්න ඕන.
අපට බැන්න අය, අපට දොස් කියපු අය, අපට අපහාස කළාය කියල හිතුවොත් එහෙනම් අපේ අර ඡන්ද පොඩි පදනම තියාගෙන ඉන්න ඕන හැමදාම. තුනෙන් දෙකකින් සම්මත කරගනිමින් තවත් රට වනසන්න ඒ අය ප්රයෝජනයට ගන්නවා. තුනෙන් දෙකේ බලය බිඳ දැමීමේ පරමාර්ථය අපට තිබෙනවා. පාර්ලිමේන්තුව තියෙන අර්බුදත් එක්ක විසුරුවන්න ඕන. 118 තියෙන චෝදනාවත් එක්කම මේක විසුරුවන්න ඕන” යනුවෙන්ද රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේය.