ආණ්ඩුවට ඉහළින් උත්තරීතර සභාවක් ඕනෑ
මහනායක හිමිවරුන් මැදිහත් වි ආණ්ඩුවට ඉහළින් සිටිය හැකි උත්තරීතර සභාවක් කඩිනමින් සැකසිය යුතු බවත් එසේ නොකළහොත් රටට විශාල විනාශයක් සිදුවන බවත් මේ වන විට රට ගමන් කරන මාර්ගය යහපත් නොවන බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (17දා) මහනුවරදී පැවැසිය.
මර්වින් සිල්වා මහතා මෙසේ පැවැසුයේ මහනුවරට පැමිණ අස්ගිරි හා මල්වතු මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.
“දේශපාලකයන්ට ලැජ්ජා බයක් නෑ. රට මේ අතට යන එක සුබ දායක නෑ. ඉතාම ඉක්මනින් මහානායක හිමිවරුන් මැදිහත් වි උත්තරීතර සභාවක් සෑදිය යුතුයි කියා මහානායක හිමිවරුන්ගෙන් මා ඉල්ලා හිටියා. මහනායක හාමුදුරවන් ආණ්ඩුවට ඉහළින් ඉදල මේ රට හරි මගට ගන්න ඕන.
නිර්භිතව ජනමාධ්‍ය හා මහනායක හිමිවරු එක්ව කටයුතු කළහොත් මේ රට බේරා ගන්න පුලුවන්. සංහිදියාව , බෞද්ධකම තියෙන්නෙ සිංහලය ගාව සිංහලය රැකුනොත් තමා අනිත් ආගම් ජාතීන් රැකෙන්නෙ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

