"දේශපාලන වශයෙන් රටම අද අවුල් තත්ත්වයකයි පවතින්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නොවෙයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් මේ අයවැයට ඡන්දය දෙන්න නොහැකි තත්ත්වයක් පවතිනවා" යැයි වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.
අද (15දා) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද පැවසීය.
"ජනාධිපතිවරයා ගෙන යන යහපත් දේශපාලන කටයුත්ත මුදල් ඇමති අවුල් කරන්නට යනවා. මේ නිසා ඡන්දයට පෙරදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත් මේවන විට ඇති වී ඇති තත්ත්මය මත වෘත්තිය සමිති හා වෙනත් මහජන සංවිධානවලට කන් දී මේ අය වැය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය යහපාලන හා සම්මුතිවාදී ආණ්ඩුවක් නිසා මුදල් ඇමතිතුමාට අපි කියනවා මෙම කටයුත්ත අයින් කර ගන්න කියලා. ඒ වගේම වැඩකරන ජනතාවට සාධාරණයක් ඉටුකරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා"
ගාල්ල ජිනේෂ් නානායක්කාර