ආණමඩුව නගරයේ පිහිටි හෝටලයක් අද (11දා) අළුයම කිසියම් පිරිසක් ගිනි තැබිම නිසා සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
ආණමඩුව පුත්තලම මාර්ගයේ පිහිටි මදිනා නැමති හෝටලය කිසියම් පිරිසක් ගිනි තබා ඇත.හෝටලය ආසන්නයේ රාජකාරි සඳහා පොලිස් නිළධාරින් යොදවා තිබුණද ගිනි තැබීම සිදුවන අවස්ථාවේ මෙම නිළධාරින් මෙම ස්ථානයේ නොසිටි බවට වාර්ථාවෙයි.
සිද්ධියත් සමග ආණමඩුව නගරයේ ආරක්ෂාව තර කර තිබු අතර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරුන්ද සිද්ධිය සැළවීමත් සමග මෙම ස්ථානයට පැමිණ තිබුණි.
එහි ගිනි තැබිමට ලක්වු හෝටල් හිමිකරු සහ රුස්ව සිට පිරිස ඇමතු රංගේ බංඩාර මහතා සහ ප්‍රියංකර ජයරත්ත මහතා මෙය කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් කල කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවත් ජාතිවාදි ක්‍රියාවක් නොවන බවත් මේ සිද්ධියෙන් ආණමඩුවේ ජාතින් අතර සමගියට කිසිදු බාධාවක් වීමට ඉඩ නොදෙන බවත් විනාශ වු ස්ථානය සියලු දෙනා එක්ව දින කිපයක් ඇතුළත තිබූ තත්වයට නැවත සකස් කර දෙන බවත් පැවසිය.