සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ හිඟය 50ක් දක්වා වැඩිවී ඇති බවත් සෑම පීඨයකම මෙසේ බරපතළ පුරප්පාඩු ප්‍රමාණයක් පවතින අතර, මෙම පුරප්පාඩු පිරවීමට විශ්වවිද්‍යාල පරිපාලනය හා අදාළ බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බවත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මනෝජ් රණසිංහ අද (24දා) අද පුවත්පතට පැවසීය.
නව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතාද විශ්ව විද්‍යාලයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට තව ටික කාලයක් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා,
“සබරගමුව විශ්වවිද්‍යාලයේ සෑම පීඨයකම බරපතළ ආචාර්යවරුන්ගේ හිඟයක් පවතිනවා. හැබැයි රජය මේ වෙද්දී පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා රජයේ පාසල්වල ගුණාත්මක භාවය නඩත්තු කරන්න කියලා පෞද්ගලික පාසල් හදනවා. පෞද්ගලික පාසල්වලට ආචාර්යවරුන් හා අවශ්‍ය ප්‍රතිපාදන ඒ සියල්ලම රජයෙන් මැදිහත් වෙලා සපයනවා. මෙසේ කිරීමෙන් වෙන්නේ රජයේ විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය මහචාර්යවරුන් ඉවත්වෙලා පෞද්ගලික පාසල්වලට යන එක. ඒ කප්පාදුව තමයි රජයේ විශ්වවිද්‍යාලවලට මේ වෙද්දී බලපාල තියෙන්නේ. මෙසේ ආචාර්යවරුන්ගේ හිඟය සිද්ද වෙන්නේ රජයේ අනුදැනුම මත.
මහ ශිෂ්‍ය සංගමය විදියට මේ වෙද්දී දිගින් දිගටම ආචාර්යවරුන්ගේ පුරප්පාඩු කාලයක් තිස්සේ විසඳලා දෙන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් විසඳුම් ලැබී නැහැ.
නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල හා පෞද්ගලික පාසල්වල ආචාර්යවරුන්ගේ හිඟය සම්බන්ධව රජයට මේ වෙද්දී වැඩපිළිවෙළක් තියෙනවා . එනමුත් රජයේ පෞද්ගලික පාසල් හා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්ය මාහාචාර්යවරුන්ගේ පුරප්පාඩු පිරවීමට රජයට කිසිම වැඩපිළිවෙළක් නොමැති” බව පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතාගෙන් පිළිතුරක් ලබාගැනිමට අප උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය.
රෝහණ වසන්ත
.jpg)