කෝට්ටේ ආනන්ද ශාස්ත්රායල විද්‍යාල භූමියේ පිහිටි උමඟක් යැයි සැක කළ ස්මාරකය ආගමික ස්ථානයක නටඹුන් බවට හඳුනාගන හැකි බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය. ඒ මහතා එම ස්ථානයට පැමිණ පරීක්ෂාවකින් පසුව මේ බව පවසා සිටියේය. ලංකාවේ පළමුවරට කබොක් ගලෙන් කළ ගුහාවක්ද ස්තූපයක නටඹුන්ද එම ස්ථානයෙන් හමුවීම මෙසේ නිගමනයකට එළැඹීමට හේතුව වූ බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.