ජාතිවාදී, ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍ර‘දේශවල සිදුවන ක්‍රියාවන් මැඬපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලීසියට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය අද (23දා) රැස්ව මෙම තීරණය ගත් බවයි.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට විශේෂ උපදෙස් ලබාදී ඇතැයිද කරුණාතිලක මහතා කීවේය.