කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාද් බදියුර්දීන් මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් වනාන්තර කපා ඉඩම් අක්කර 3000ක් අයිති කරගෙන ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
බොදුබල සේනා මූලස්ථානයේ අද (26දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“ ඔහු විසින් මඩකලපුව, මන්නාරම,මුලතිව්, යන ප්‍රදේශවල වනාන්තර කපා මෙතෙක් කල් ඉඩම් අයිතිකර ගැනීම් සිදු කළ අතර මේ වනවිට බදියුර්දීන් මහතාගේ සහෝදරයාට අම්පාර ප්‍රදේශයේ කැලෑ කපා ඉඩම් අයිති කරගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
1995 වසරේදී දේශපාලනයට පැමිණි බදියුර්දීන් මහතා මේ දක්වා කෝටි ගණනක වත්කම් හා දේපොළ උපයා ගත් ආකාරය වගකිව යුතු අංශ සොයා බැලිය යුතුයි.” යැයි ද පවසා සිටියහ.