තෙල්දෙණිය හා දිගන ප්රදේශවල දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්රික්කය වෙත පැනවූ ඇඳිරි නීතිය පෙ.ව. 6.00 සිට අවසන් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
කෙසේ වෙතත් එම ප්රදේශවලට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව අඛණ්ඩව ක්රියාත්මක වෙයි. ඊයේ (05දා) ඇතිවූ ගැටුමෙන් පසුව ඇඳිරිනීතිය පැනවූ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්විය.