ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණයේ ගැටලුවක් පවතින නමුත් මහේල ජයවර්ධන ආරම්භක පිතිකරණයට යොදාගැනීමට තවමත් තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට කොළඹදී එක්වෙමින් හෙතෙම ඊයේ (20දා) මේ බව සඳහන් කළේය.
"මහේලට ආරම්භ පිතිකරු තනතුර දෙන්න තවම අපි තීරණය කර නෑ. ඒ ගැන සාකච්ඡා කරන්න ඕන. ආරම්භක පිතිකරණ ස්ථානයේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට තව විකල්ප තියෙනවා. මේ තරගාවලියේදී ඒවා අත්හදා බලලා නවසීලන්ත තරගාවලියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ තරගාවලියේදී අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්නේ නෑ. අපිට අවශ්‍ය දේ පමණයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ."