අසාධ්‍ය රෝගියෙකුගේ දිවි ගලවා ගැනීමට නාවික හමුදා මෙහෙයුමක්
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදුකළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු අද (20දා) බේරාගෙන කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
මෙලෙස ගොඩබිමට රැගෙන එන ලද්දේ පසුගිය 06 වැනිදා බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය 'ග්‍රෙගරි 1' නැමැති යාත්‍රාවෙන් ගමන්ගත් ධීවරයෙකු බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙම ධීවරයාට යාත්‍රාව තුළදී හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇතිවී ඇති බවට ලැබුණු තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ දකුණු නාවික විධානයට අනුයුක්ත පී 414 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් රෝගියා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව ගොඩබිමට රැගෙන ආ රෝගියා වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

