(UPDATE)
ගම්පොළ නගරය තුළදී අවුරුදු 2 ½ක දරුවෙකු හා 23 හැවිරිදි තරුණයෙකු පැහැරගත් පිරිස දුරකථන ඇමතුම් මගින් කප්පම් ලෙස රුපියල් ලක්ෂ 30ක් මුදලක් ඉල්ලා ඇතැයි විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබේ.
කිසියම් පුද්ගලයෙකු ඊයේ (04දා) අවස්ථා 02කදී දරුවාගේ පියාට දුරකථන ඇමතුමක් ලබාදී පැහැරගත් දෙදෙනා නිදහස් කිරීමට එම මුදලඉක්මනින් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ.
මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ මොහොමඩ් සල්මාන් (අවු.2 ½) සහ අබ්දුල් රහීම් මොහොමඩ් නිසාම් (අවු.23) නැමැතිදෙදෙනාය.
ගම්පොල බස් නැවතුම්පළ අසල ගඟවට පරේ වෙළෙඳසැලක් වෙත පැමිණෙමින් සිටි අවුරුදු 2 ½ ක කුඩා පිරිමි දරුවෙකු හා 23 හැවිරිදි ඔහුගේ මාමා පෙරේදා (03දා) සවස කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ මොහොමඩ් සල්මාන් නැමැති දරුවා හා අබ්දුල් රහීම් මොහොමඩ් නිසාම් නැමැති තරුණයෙකි.
නිවසේ සිට වෙළෙඳසැල වෙත ඇත්තේ මීටර් 50 ක් පමණ දුරක් වන අතර සවස 2 ට වෙළෙඳසැල වෙත ආහාර රැගෙන යමින් සිටි මෙම දෙදෙනා අතුරුදන්ව ඇති අතර සවස 3.30 පමණ කිසිවකු ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව මෙය පැහැරගැනීමක් බව දැනගත් දරුවාගේ පියා වන මොහොමඩ් රිෆාස් මෙසේ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
අතුරුදන් තරුණයා රිෆාස්ගෙ මවගේ සොයුරාගේ පුතා බවත් බදුල්ල බදුලුපොල ප්‍රදේශයේ පදිංචි ඔහු මහනුවර මහ රෝහලේ වෛද්‍ය සායනයක් සඳහා සහභාගී වීමට නියමිතව සිටි නිසා තම නිවසට පැමිණ සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම දෙදෙනා අතුරුදන් වීමෙන් පසු කිසිවකු විසින් අබ්දුල් රහීම් මෙහොමඩ් නිසාම්ගේ දුරකථනයෙන් සිංහලෙන් කතා කර නැවත ඇමතුමක් ගන්න. බව සඳහන් කොට ඇතත් ඊයේ (04දා) වනතුරුත් කිසිවෙකු ඇමතුමක් ගෙන නොතිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල කොට්ඨාශ භාර පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් අරඹා තිබේ.