දික්කුඹුර අන්දුගොඩ ඇල්ලලගොඩ ප්රදේශයේ වයසක කාන්තාවක තම සිරුරට ගිනි තබාගෙන ඊයේ (01දා) මියගොස් ඇතැයි ඉමදූව පොලීසිය පවසයි.
වයස අවුරුදු 85ක් පමණ වන මේ කාන්තාව සිය සිරුරට භූමිතෙල් වත්කොටගෙන ගිනි තබාගෙන තිබේ. මෙහිදී බරපතළ තුවාල ලබා සිටි මේ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
කාත්තාව සිරුරට ගිනි තබා ගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉමදූව පොලීසිය පරීක්ෂණ සිදුකරයි.