දහතුන් හැවිරිදි දියණියක් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයන් 05 දෙනෙකු සහ ඊට අනුබල දුන් 02ක් සැකපිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
අතර දැරිය ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකකෙරෙන පුද්ගලයින් අතර, පවුලේ ඥාතීන් දෙදෙනෙකුද වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ප්රථමයෙන් මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල තණමල්විල පොලිස් ස්ථානයට වාර්තාවී තිබූ අතර, පසුව වැල්ලවාය මහේස්ත්රාත් කේසර සමරදිවාකර මහතා විසින් ලබාදුන් නියෝගයක් මත වැඩිදුර විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරන ලදි.