අවුරුදු සේවයට යොදවන පොලිස් නිලධාරී සංඛ්‍යාව ඉහළට
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාවගේ සහ භාණ්ඩ මිලදීගැනීමට නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටතුළ දෛනිකව රාජකාරියට යොදවන පොලිස් නිලධාරීන් ප්‍රමාණය 25%කින් ඉහළ දමා තිබේ.
මීට අමතරව ගැටකපන්නන් හා වෙනත් අපරාධ වැළැක්වීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමටද පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත.
රථවාහන හැසිරවීමට හා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දෛනිකව විශේෂ මෙහෙයුම් දියත් කරන ලෙසටද පොලිස් මූලස්ථානය විසින් සෑම පොලිස් ස්ථනානයකටම උපදෙස් ලබාදී ඇත.
මීට අමතරව මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට අදාළ දැනුවත් කිරීම් සිදුකරන ලෙසටත්, ඒ සඳහා පෝස්ටර් හා අත්පත්‍රිකා වැනි මාධ්‍ය භාවිත කරන ලෙසටත් පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී තිබේ.
සිංහල අලුත් අවුරුදු සමය අවසන් වී ජනතාව නැවත නගරවලට පැමිණීම අවසන්වනතුරු මෙම වැඩපිළිවෙළ දියත් කිරීමටද පොලිස් මූලස්ථානය සැලසුම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
