ජාත්‍යන්තර පොලිස් ඉතිහාසයේ වයස අවුරුදු 73 දක්වා පොලිස් සේවයේ නිරතව සිටි එකම හා ප්‍රථම පොලිස් නිලධාරියා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාමචන්ද්‍රන් සුන්දරලිංගම් මහතා ඉතිහාසයට එක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
1956 වසරේදී ආධුනික සහකර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති සුන්දරලිංගම් මහතා වසර 30ක කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකර තිබේ. ඔහු අපරාධ විමර්ශනය, නිවාරණය හා මත්ද්රවව්යවිමර්ශනය වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළ පොලිස් නිලධාරියෙකි.කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාසය සහ කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය ආරම්භ කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් සුන්දරලිංගම් මහතා විසින් ඉටුකර තිබේ.
එසේම ඔහු කොළඹ නගරය තුළ අපරාධ නිවාරණයට හා විමර්ශනය සඳහා සුවිශේෂී සැලැස්මක්ද සකස්කර ඇති අතර, 1986 වසරේදී ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන ඇත.
ඉන් අනතුරුව 2003 වර්ෂය දක්වා වසර 17ක් ජාත්‍යන්තර පොලීසියේ නිලධාරියෙකු ලෙසද ඔහු සේවය කර තිබේ. එයින් විශ්‍රාම යන විට ඔහු 73 වැනි වියේ පසුවිය. ජාත්‍යන්තර පොලීසියේ ඔහු කටයුතු කළ කාලසීමාවේදී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් මැඬලීමට සුවිශේෂී සේවාවක් කළ පොලිස් නිලධාරියෙකු ලෙස සැලකෙයි.
ඔහු ඊයේ (26දා) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවූ අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ඇසුරෙන් දේශනයක්ද පවත්වා ඇත.