අවිධිමත් කසළ බැහැර කරන්නන් අත්අඩංගුවට
අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා නිලඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බවත් පොලිස් මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
පළාත් පාලන ආයතන මගින් ලබාදී තිබෙන උපදෙස්වලට අනුව කැළි කසල බැහැර කළ යුතු බවත්, අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කරන පුද්ගලයන්ට සිරදඬුවම් ලබාදීම හා ලක්ෂ 5 දක්වා දඩ මුදල් නියම කිරීමට හැකි නීති පනවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන්නන් පිළිබඳව 011-24333333 හෝ 011-23228428 දුරකථන අංකවලින් පොලීසියටත් 011-2328418, 011-2314600 දුරකථන අංක ඔස්සේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයටත් පැමිණිලි කළ හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

