අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත කළ ආපදා කළමනාකරණ කාර්ය සාධක බළකාය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 638 දෙනෙකු අද (17දා) වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන් අඩංගුවට ගැනීම සඳහා මෙම ඒකකය ස්ථාපිත කෙරුණේ මේ මස 05 වැනි දිනය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර තිබෙනමෙම ඒකකයට 0113301445 හෝ 0115993755 යන දුරකථන අංකය මගින් අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදිය හැකිය.