අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (10දා) පෙරවරුවේදී තංගල්ල කාල්ටන් නිවසේදී සිදුවිය.
සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවති මෙම අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, අමාත්‍යාංශ ලේකම් වසන්ත ඒකනායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය
2014 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර
නව සඳ බැලීම
අභිනව අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වැනි බ්‍රහස්පතින්දා දිනද නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානුද ගා, ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 07.37ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 01.13 සිට (අප්‍රේල් මස 14 වැනි සඳුදාට එළිවන පාන්දර) අප්‍රේල් 14 වැනි සඳුදා අපර භාග 02.01 දක්වා පුණ්‍ය කාලයයි. අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 01.13 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ, එනම් පූර්ව භාග 07.37 සිට අපර භාග 02.01 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටුකිරීමද මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 10.17ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොලවා, දී කිරි සහ උක් හකුරු මිශ්‍ර කිරිබතක්ද, කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 11.05ට සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට, ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 11.16 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.16 ට රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබත් සහ හකුරු අනුභව කර බටහිර දිශාව බලා රැකීරක්ෂා සඳහා පිටත්වීම මැනවි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

